චීනයේ සිටින ඔස්ට්‍රේලියානුවන් මුදා ගැනීම අද අරඹයි

Share

කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ සිරවී සිටින ඔස්ට්‍රේලියානුවන් මුදා ගැනීමේ කටයුතු අද (3) සිට ආරම්භ වෙයි.

 

අද පස්වරුවේ ඔස්ට්‍රේලියානුවන් 243 දෙනෙකු රැගත් යානයක් චීනයේ සිට පැමිණීමට නියමිත අතර ළමුන් 89 දෙනෙකු ඔවුන් අතර වන බවයි වාර්තා වන්නේ.

අදාළ පිරිස බටහිර ඔස්ට්‍රේලියාවේ ගුවන් හමුදා කඳවුරක් වෙත පැමිණීමෙන් පසු වෙනත් යානයකින් ක්‍රිස්මස් දුපත් වෙත රැගෙන යාමට නියමිතයි.

ඔවුන් දින 14ක කාලයක් නිරෝධායන කටයුතු සඳහා එහි රඳවා තැබෙනු ඇති.

Read more

Local News