පසුගිය රජයේ සැබෑ අරමුණ මෙන්න

Share

රටට සහ වත්මන් රජයේ වැඩපිළිවෙලට පොහොට්ටුව ලකුණ හැර කිසිදු ලකුණක් නොගැළපෙන බවත්, මේ වන විට පොහොට්ටුව ලකුණ රටම හඳුනාගෙන ඇති බැවින් බහුතර කැමැත්තට ඉඩ ලබා දිය යුතු බවත්, නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

 

වත්මන් රජයේ කිසිදු කෙනෙක් මහබැංකු බැඳුම්කර හොරකමට සම්බන්ධ නොමැති බවත්, එයට සම්බන්ධ වූයේ හිටපු ආණ්ඩුවේ අගමැතිවරයා හා ජනාධිපති අපේක්ෂකවරයා ඇතුළු පිරිස බවත් ඒ මහතා පවසයි.

මෙරට 69 ලක්ෂයක් ජනතාව සජිත් ප්‍රේමදාස මහතාව ප්‍රතික්ෂේප කර ඇති බැවින් ඔහු අසාදු ලේඛණගත වු චරිතයක් බවත්, පොහොට්ටුව වැනි නැවුම් පක්ෂයකට හෝ ගෝඨාභය රාජපක්ෂ වැනි නැවුම් ජනාධිපතිවරයෙකුට සජිත් ප්‍රේමදාස ළඟින්වත් තැබිය නොහැකි බවත් අමාත්‍යවරයා බවද සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගම්පහ, අත්තනගල්ල, රන්පොකුණුගම ගුරු ගම්මානයේ පවුල් සදහා රුපියල් මිලියන 14.75 ක් වටිනා නිවාස ණය හා ආධාර ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද (03) දින සහභාගී වෙමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

“පසුගිය රජය ගුරුවරුන්ට නිවාස ලබා දෙනවා කියා සිදුකර ඇත්තේ ඔවුන්ව මුළා කිරීමයි.

එහි සැබෑ අරමුණ වුණේ ප්‍රචාරය ලබා ගැනීම පමණයි.

ප්‍රචාරය ලබා ගැනීම උදෙසා ගුරුවරුන් අසරණ කර තිබෙනවා. එසේ අසරණභාවයට පත්වුණු සියලුම දෙනා වෙනුවෙන් ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු වත්මන් රජය පෙනී සිටිනවා.

පසුගිය රජය ගුරුවරුන් යොදාගෙන දේශපාලනය සිදු කළාට, අද අපි එය සිදු කරන්නේ නැහැ.” යනුවෙන් පැවසීය.

Read more

Local News