ජනතාව කිසිවිටකත් වර්තමාන ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබා නොදෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසයි.
අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරිය ඒ බව සඳහන් කළේය.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් රටේ විශාල වෙනස් ඇති කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය මෙහිදී කියා සිටියේය.
පතින රජයේ ඇති අඩුපාඩු හේතුවෙන් කිසිවිටෙන ජනතාව විසින් තුනෙන් දෙකක බලයක් ලබාදීමට සූදානම් නොමැති බව චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පැවසීය.
මේ අතර මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසා සිටියේ කිසිවිටක 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කිරීමට ඉඩ ලබා නොදෙන බවයි.



