ශ්‍රිලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල අත්අඩංගුවට ගන්න නියෝග

Share

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

 

එයාර් බස් ගණුදෙනුවට අදාලව මුදල් විශුද්ධි කරන චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේය.

ගුවන් යානා මිලදී ගැනීමේදී ශ්‍රි ලංකන් ගුවන් සේවය සහඑයාර් බස් සමාගම අතර ඇතිවු ගණුදෙනුවකදී සිදුවු මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාදුන් විමර්ශන වාර්තා සලකා බැලීමෙන් අනතුරුව නීතිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

Read more

Local News