අභිමානවත් 72 වන නිදහස් සැමරුම අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේ දි පැවැත්වීමට නියමිතයි.
උදෑසන ජනාධිපතිවරයාගේ සාම්ප්‍රාප්තියෙන් අනතුරුව නිදහස් උත්සවයේ වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිත අතර අග්‍රාමාත්‍යවරයා, අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් ඇතුළු ආරාධිත අමුත්තන් 2500ක් පමණ මෙවර නිදහස් දින සැමරුම් උත්සවයට ආරාධනා ලැබ තිබේ.
මෙවර ජාතික නිදහස් දින සැමරුම් උළෙල ඉතා චාම් අයුරින් පැවැත්වීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.
කෙසේවෙතත් පසුගිය වසරවල මෙන්ම නිදහස් උළෙලේ අභිමානය වැඩි කිරීම සදහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු උත්තමාචාරයක් ද පැවැත්වීමට නියමිතයි.
අද දිනයේ මෙම හමුදා පෙළපාලී සඳහා නිලධාරින් 247 දෙනෙකු සහ සෙසු නිලයන් 5260 දෙනෙකු සහභාගී වීමට නියමිත අතර යුධ හමුදා රථ 154ක් හමුදා උත්තචාරය සඳහා යොදාගැණෙන බව වාර්තා වෙයි.



