STF අණදෙන නිලධාරී ලතීෆ් අද විශ්‍රාම යයි

Share

පොලිස් විශේෂ කාර්යය භාර අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා අද(04) සිය පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ.

 

පසුගිය වසරේ පෙබරවාරි මස 05 වැනිදා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබුණ ද ඔහුට වසරක සේවා දිගුවක් ලබාදීමට ද ජනාධිපතිවරය පියවර ගත්තේය.

ඒ අනුව අද දිනයෙන් ඔහුගේ පොලිස් සේවය අවසන් වන අතර මේ දක්වාත් ඔහුගේ සේවා කාලය දීර්ඝ කරන්නේ ද යන්න සම්බන්ධයෙන්  කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත.

කොළඹ රාජකීය විද්‍යාලයේ කීර්තිමත් ආදී සිදුවෙකු වන එම්.ආර්.ලතීෆ් මහතා පොලිස් දෙපාර්තමෙහ්න්තුවෙන් බිහි වු අග්‍රගන්‍ය පොලිස් නිලධාරියෙකු ලෙස සැලකෙයි.

ජාතික බුද්ධි සේවාවේ මෙන්ම රාජ්‍ය බුද්ධි සේවාවේ විවිධ තනතුරු හෙබ  වූ ලතීෆ් මහතා යුධමය වාතාවරණය පැවති සමයේ ත්‍රස්ත මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙසත් පොලිස් විශේෂ කාර්යය බලකයේ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙසත් කටයුතු කළේය.

අනතුරුව පොලිස් විශේෂ කාර්යය බලකාය භාර අණදෙන නිලධාරියා ලෙස සිය රාජකාරිය ආරම්භ කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා දෙස් විදෙස් මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම පාතාල කල්ලි සම්බන්ධයෙන් දැඩි අධ්‍යයනයක් සිදුකර ඒවා මෙරටින් තුරන් කිරීමට විශාල කැපකිරීමක් සිදුකල නිලධාරියෙකු ලෙස සැලකෙයි.

මේ අතර මාතෘ භූමියේ ස්වෛරීත්වය වෙනුවෙන් සිදුකළ සේවාව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා පොලිස් වීරතා පදක්කම පූර්ණ භූමී පදක්කම, විශේෂ සේවා පදක්කම ඇතුළු පදක්කම් රැසකින් පිදුම් ලබා තිබේ.

Read more

Local News