විසඳුම් ලබාදිය යුත්තේ රටේ දේශපාලන පක්ෂ පිළිබඳව උද්ගතව ඇති ගැටලුවලට නොව රට සහ ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ(04) පොළොන්නරුව පැවති උත්සවයකදීයී.
එහිදී වැඩිදුටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ පැවසීය.
“අද ඇතැමුන් දේශපාලන පක්ෂ ගැන කථා කරනවා. දේශපාලන පක්ෂ නෙමෙයි මේ රටේ ප්‍රශ්නේ රට සහ ජනතාව. එයට විසඳුම් දිය යුතුයි. දේශපාලන පක්ෂ බදාගෙන රණ්ඩු වෙන එක නෙමෙයි .
අද රට තිබෙන තැනින් ගොඩ කොහොමඳ රට ගොඩ ගන්නේ. ආර්ථික අර්බුදයත් සමඟ කොහොමද රට ගොඩ ගන්නේ? එතෙන්ට අපි ගමන් කළ යුතුතේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහාට ජනාධිපතිවරනයේදී සහය දෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කළේ පසුගිය ඔක්තෝම්බර් මාසයේදී. මේ සම්බන්ධයෙන් ගිවිසුම් අත්සන් කළා ජනාධිපතිවරයා සහ පොදුජන පෙරමුණ සමඟයි.“



