සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට හෝ නැවත සේවයට වාර්තා කිරිමට අද(05) දිනයේ සිට සතියක පොදු සමාකාලයක් ලබා දී තිබේ.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නිදහස් දිනයට සමගාමීව මෙම පොදු සමාකාලය ක්‍රියාත්මකත බවයි.
මෙම පොදු සමාව හිමි වනුයේ 2019 සැප්තැම්බර් මස 30 වන දිනට පෙර නිවාඩු නොමැතිව නොපැමිණි ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට පමණක් බව සඳහන් වෙයි.
මීට අමතර වලංගු බලපත්‍ර හෝ ලියකියවිලි නොමැති නීති විරෝධි ගිනි අවි නැවත භාරදීමට ද අද දිනයේ සිට සතියක සහන කාලයක් ලබාදී තිබේ.
හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ එම ගිනි අවි ළඟම ඇති පොලිස් ස්ථානය වෙත භාරදීමට හැකි බවයි.



