රත්නප්‍රිය මන්ත්‍රීධූරයේ අද දිවුරුම් දෙයි

Share

සමන් රත්නප්‍රිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීම අද(05) දිනයේ සිදු කිරිමට නියමිතව තිබේ.

 

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්රරමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට සමන් රත්නප්‍රිය මහතා පත් කරන ලෙස එම පක්ෂයේ මහ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට පසුගියදා දැනුම් දුන්නේය.

ඒ අනුව අදාල පත් කිරිම සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදනය ජනවාරි 27 වන දින මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වූ සමන් රත්නප්‍රිය මහතා අද දිනයේ මන්ත්‍රීධුරයේ දිවුරුම්දීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සිදු කිරිමට නියමිතව තිබේ.

Read more

Local News