බිබිල-මහියංගනය ප්‍රධාන මාර්ගයේ හෑපොල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ උදෑසන 10.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බව අප සියත වාර්තාකරු පවසයි.
රියදුරු පුහුණුව සඳහා භාවිතා කරමින් තිබූ ත්‍රීරෝදරථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අදාළ අනතුරින් ත්‍රීරෝදරථයේ රියදුරු අසුනේ පුහුණුවෙමින් සිටි තරුණිය බිබිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව අතර ත්‍රීරෝදරථයේ පුහුණුකරු බරපතළ තුවාල ලබා බිබිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ මහියංගන, රීදිමාලියද්ද ප්‍රදේශයේ පදිංචි උමේෂි සචින්තනා නැමති 26 හැවිරිදි තරුණියෙකි.
මෙම තරුණියගේ විවහා ගිවිසුමේ ගැනීමේ උත්සවයට අනතුර සිදුවන්නට දින 04 කට පෙර සිදුව ඇති බව වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් බිබිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



