එජාප නව සන්ධාන ලේකම් ධුරය රංජිත් මද්දුමබණ්ඩාරට

Share

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ මහලේකම් ධූරයට රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත් කර තිබේ.‍

 

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම දී  මහලේකම් ධූරයට රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා පත් කිරීමට ඒකමතිකව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ මහලේකම් ධූරය සඳහා රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත් කිරීමේ යෝජනාව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් සාමාජිකයින් විසින් සිදු කර තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ හා තුෂාර ඉඳුනිල් යන මහත්වරුන් විසින් අදාළ යෝජනාව ස්ථිර කළ බව අප සියත පාර්ලිමේන්තු වාර්තාකරු පවසයි.

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ විය.

Read more

Local News