එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩලයෙන් ඉවත් කළ සිව්දෙනා නැවත කෘත්‍යාධිකාරී මණ්ඩල තනතුරුවල පිහිටුවන තුරු විපක්ෂනායකවරයා ඊට සහභාගී නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ නව සන්ධානයේ නියෝජිතයන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් ඊයේ(04) පැවැත්වුණ අතර ඉන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩලයෙන් ඉවත් කළ සිව්දෙනා නැවත කෘත්‍යාධිකාරී මණ්ඩලට ගන්නා බව එම පක්ෂයේ නායකයා විසින් පැවසූ බව අශෝක් අබේසිංහ මහතා මෙහිදී පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ නව සන්ධානයේ නියෝජිතයන් අතර විශේෂ හමුවක් ඊයේ පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණේ විපක්ෂ නාවක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.



