එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කල් යයි

Share

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ලබන සඳුදා (10) තෙක් කල් තබා ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

 

මාන්නප්පෙරුම මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය හෙට (06) රැස්වීමට නියමිතව තිබිණි. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නව සන්ධානයේ මහලේකම් ධුරයට රංජිත් මද්දුමබණ්ඩාර මහතා නම් කළ ද, කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මද්දුමබණ්ඩාර මහතාගේ නම ස්ථිර විය යුතු බවත්, එහිදි තවත් නම් යෝජනා වන්නේදැයි සැලකිල්ලට ගත යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

Read more

Local News