එක්සත් ජාතික පක්ෂයේ නොවෙනස් වන නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවට පත්ව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසයි.
කොළඹ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.
ඔහු පැවසුවේ කළු සුදු රූපවාහිණියේ සිට වර්තමානයේ පවතින නවීන තාක්ෂණය අනුව නිපදවු රූපවාහිනීය දක්වාම එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රූපවාහිණියෙන් දුටුවේ රනිල් වික්‍රමසිංහ මහතා පමනක් බවයි.
සියල්ල අස්ථිර යන ධර්මයට අනුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පමනක් මෙලෙස ස්ථිරව පවතින්නේ කෙසේද යන්න තමන් සිතා ගත නොහැකි බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.



