අමෙරිකාවේ ප්‍රධාන ගුවන් සමාගම් 2ක් හොංකොං වෙත යාම අත්හිටුවයි

Share

අමෙරිකාවේ ප්‍රධාන පෙළේ ගුවන් සමාගම් දෙකක් හොංකොං වෙත සිදුකරන ගුවන් ගමන් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

 

නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් යුනයිටඩ් සහ අමෙරිකන් ගුවන් සමාගම් විසින් අදාල තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව ලබන 20 වන දින දක්වා මෙම ගුවන් ගමන් අත්හිටුවිම සිදු කිරීමට එම ගුවන් සමාගම් තීරණය කර තිබේ.

චීනයෙන් ව්‍යාප්තිය ආරම්භ වූ කොරෝනා වෛරසය ආසාදිතවූ පුද්ගලයින් 18 දෙනෙකු මේ වන විට හොංකොං රාජ්‍යයෙන් වාර්තා වී ඇති අතර ඊයේ (04) දිනයේ වෛරසය හේතුවෙන් එක් මරණයක් ද සිදුව තිබුණි.

Read more

Local News