කොළඹ, කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් ඊයේ(06) උද්ඝෝෂණයක නිරත විය.
ඒ පසුගිය ආණ්ඩු සමයේ නිවාස ඉදිකර දෙන බවට සඳහන් කරමින් තම නිවාස කඩා ඉවත් කළද මෙතෙක් එම ව්‍යාපෘති අවසන් කර නොමැති බව පවසමින්.
ඊයේ පෙරවරුවේ කොම්පඤ්ඤ දුම්රිය පොළ ඉදිරිපිට දි මෙම විරෝධතාව පැවැත්විය.
ඊට එම ප්‍රදේශයේ පදිංචිව සිටි පවුල් 150කට අයත් පිරිසක් එක්ව සිටියේය.
විරෝධතාකරුවන් පැවසුවේ පසුගිය ආණ්ඩුව විසින් මහල් නිවාස ඉදිකර දෙන බව පවසමින් තම නිවාස කඩා ඉවත්කළද මෙතෙක් ඒවායේ ඉදිකිරිම් අවසන් කර නොමැති බවත් නිවාස සංකිර්ණය ඉදිකරවන තෙක් කුලී නිවාසවල රැඳී සිටීමට රජය ලබාදුන් මුදල පවා මේවනවිට නොලැබෙන බව උද්ඝෝෂකයින් පවසයි.
විරෝධතාව පැවැත්වෙන අතරතුර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන් සහ හර්ෂද සිල්වා යන මහත්වරුන් එම ස්ථානයට පැමිණියේය.
මෙහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේ, මේ පිළිබඳව විසඳුමක් මේ වන විට ඉදිරිපත් කර ඇති බවයි.
මෙම නිවාස බාර දෙන තුරු ඔවුන්ට ලැබිය යුතු කුලී මුදල ලබා දෙන බවත්, ජනවාරි මාසයේ කුලිය දින 4 ක් තුළ ලබා දෙන බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.



