බිලියන 2167 ක පරිපූරක ඇස්තමේන්තුවක් – ණය සීමාව බිලියන 357කින් ඉහළට

Share

පසුගිය රජය විසින් නොපියවූ පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදමි පියවීම වෙනුවෙන් පිළිවෙළින් රුපියල් බිලියන 101ක හා රුපියල් බිලියන 55ක පරිපූරක ඇස්තමේන්තුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

 

මීට අමතරව විදේශීය ණය මගින් කළ ව්‍යාපෘති ගිණුම් ගත කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 2011ක පරිපූරක ඇස්තමේන්තුවක්ද අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළේය.

ඊට අමතරව අතුරු සම්මත ගිණුමේ සඳහන් ණය සීමාව රුපියල් බිලියන 721 සිට රුපියල් බිලියන 1078ක් දක්වා ඉහළ නංවා ගැනීමටද ඔහු පාර්ලිමේන්තු අනුමැතිය ඉල්ලා සිටියේය.

Read more

Local News