නව කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 564 දක්වා ඉහළට

Share

නව කොරෝනා වෛරසය ආසාධනය වීම හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව අද වන විට 564 දක්වා ඉහළ ගොස් තිබේ.

 

ලෝකය පුරා වෛරසය ආසාදිත වූ සංඛ්‍යාව 28,000ක්.

රටවල් 28 කට කොරෝනා වෛරසය පැතිරගොස් ඇති අතර චීනයෙන් පිට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ තායිලන්තයෙන් සහ සිංගප්පුරුවෙන්.

එමෙන්ම කෙරෝනා වෛරසය ආසාදනය වු  892 කු මේ වන විට සුවය ලබා ඇති බව ද වාර්තා වෙයි.

වෛරසය පැතිරවීම වැළැක්වීම සඳහා චීනයේ නගර රැසක දෛනික කටයුතු අත්හිටුවා ඇති අතර ජනාකීර්ණ බෙයිජිං අගනුවර සහ ෂැංහයි නගර තුළ දක්නට ලැබුණේ දැඩි පාළු ස්වභාවයක්.

කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ අවමංගල උත්සව නොපැවැත්වීමට චින රජය නියෝග කර තිබේ.

එම නියෝගයේ දැක්වෙන්නේ, මියයන කොරෝනා රෝගීන්ගේ අවසන් කටයුතු රෝහල ආසන්නයේම ඇති සුසානයේදී භූමියේදී සිදුකළ යුතු බවයි.

ආසන්නතම කාලයේදී වූහාන් නගරය ඇතුලු ආසාදිතයන් බහුල නගර වෙත සංචාරය කර, එය  සඟවා සිටි පිරිස් අත්අඩංගුවට ගැනීමටත් චීන පොලිසිය කටයුතු කර තිබේ.

Read more

Local News