කාර්යක්ෂමතාව ඉහළ දැම්මට කළ යුතු දේ අනුර කියයි

Share

සමූපාකාර තුළ කාර්යක්ෂමතාව ඉහළ දැම්ම මඟින් එහි සේවක තෘප්තිය ඇති කළ හැකි බව අනුර ප්‍රියදර්ශන යාපා රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

 

ඔහු පවසන්නේ සමූපාකාරවල ආදායම ඉහළ දමමින් සේවකයින්ගේ වැටුප් හා දිමනා ද ඉහළ දැමිමට කටයුතු කළ හැකි බවයි.

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් අනුර ප්‍රියදර්ශන යාපා රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, පරණ තැනම නොසිට අලුත් ආකාරයෙන් සිතිය යුතු බවයි.

ලෝකය වෙනස් වෙනවා නම් අපි වෙනස් නොවන්නේ ඇයි දැයි ප්‍රශ්න කර සිටි ඒ මහතා තවමත් එක් ස්ථානයක් හෝ පරිගණක ගත කිරීමට නොහැකි වී ඇත්තේ මන්දැයි අසා සිටියේය.

මෙවැනි දේ අපට කළ හැකි දේවල් බවත්, සමූපකාරය තුළ කාර්යක්ෂමතාවය ඇති කිරීම තුළ සේවක තෘප්තිය ඇති කළ හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

සමූපකාරය තවමත් සේවක තෘප්තිය නැති ස්ථානයක් ලෙස අර්ථ ගන්වා ඇති බවත්, එවැනි ස්ථානයක් වු පසු එයින් සේවක වැටුප් හෝ දීමනා වර්ධනය කළ හැකි බවත් අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා කියා සිටියේය.

Read more

Local News