නුගේගොඩ හා කිරුළපන ආශ්රිත ප්‍රදේශයන්හි අද(06) උදෑසන කාලයේ තාවකාලික විදුලි බිඳවැටීමක් සිදුව තිබේ.
අද උදෑසන කිරුළපන ප්‍රදේශයේ දී ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය බෙදා හරින භූගත විදුලි රැහැන් දෙකකට සිදුවු හානි වීමක් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වු බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.
කොළඹ නගරයේ සිදු කරනු ලබන අපජල ව්‍යාපෘතියක ඉදි කිරීම් කටයුතු අතර තුර දී මෙම හානිය සිදුව ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.
ඒ අනුව කිරුළපන සිට නුගේගොඩ දක්වා, බලපොකුණ පාර, ජයසිංහ මාවත ඇතුළු ප්‍රදේශ රැසක මෙලෙස විදුලිය බිඳ වැටී ඇත.
කෙසේ වෙතත් මේ වන විට අලුත් වැඩියා කටයුතු සිදු කරමින් පවතින අතර ඉතා ඉක්මනින් විදුලි ලබා දීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.



