ඉස්තාන්බුල් ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට ගිය යානයක් ධාවන පථයෙන් ඉවතට

Share

තුර්කියේ, ඉස්තාන්බුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට ගිය ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට ගොස් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 157 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

 

එම අවස්ථාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු ඇතුළුව යානයේ සිටි පුද්ගලයින් සංඛ්‍යාව 177කි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, පැවති වර්ෂාවත් සමග යානය ධාවන පථයෙන් ඉවතට ලිස්සා ගොස් කොටස් කිහිපයකට කැඩී අනතුරට පත්වූ බව ය.

අනතුරත් සමග ඉස්තාන්බුල් ගුවන්තොටුපොළ තාවකාලිකව වසා දැමුණි.

Read more

Local News