කොරෝනා අභියෝගය ජයගන්න ලංකා පාර්ලිමේන්තුවත් චීනය සමගයි

Share

ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් (Cheng Xueyuan) මහතා සහ කථානායක කරු ජයසුරිය මහතා අතර හමුවක් ඊයේ (05දා) පස්වරුවේ කථානායක නිල නිවසේදී පැවැත්විණි.

 

එහිදී කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ වර්තමාන තත්වය සහ එය මැඩපැවැත්වීමට ගන්නා පියවරයන් සම්බන්ධයෙන් චීන තානාපතිවරයා විසින් කථානායකවරයාව දැනුවත් කරන ලදී.

මෙම අභියෝගය ජය ගැනීමේදී මිත්‍ර රටක් ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව චීනය සමඟ නොසැලී සිටින බව මෙම හමුවේදී කථානායකවරයා, තානාපතිවරයා හමුවේ සහතික විය.

Read more

Local News