ජමුනා කොළඹට එයි

Share

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාව අද (06) කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

 

දිගින් මීටර් 86 ක් සහ ටොන් 1920 ක ධාරිතාවයකින් යුත් ‘ජමුනා’ නෞකාව  2020 අප්‍රේල් 03 වන දින දක්වා ලංකාවේ රැදී සිටීමට නියමිතය.

කොළඹ සිට ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශයේ ජල විද්‍යාත්මක සමීක්‍ෂණයක් සිදු කිරීම සඳහා පැමිණි මෙම නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් එච්ඒ හාඩස් ඇතුළු නිලධාරීන් පිරිස බටහිර නාවික විධාන මූලස්ථානයේදී, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ හමුවී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසදරක නිරත වීය.

Read more

Local News