අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ අරාබි අර්ධද්වීපයේ නායක කාසිම් අල් රිමී, ගුවන් ප්‍රහාරයකින් මියගිය බව අමෙරිකාව පවසයි.
අමෙරිකාව, කාසිම් අල් රිමී ඉලක්ක කර යේමනය තුළ මෙහෙයුම් ආරම්භ කර තිබුණේ පසුගිය සතියේදීය.
ඔහු පිළිබඳ නිවැරදි තොරතුරක් ලබාදීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 10ක ත්‍යාගයක්ද පිරිනමන බවද අමෙරිකාව මීට පෙර නිවේදනය කර තිබුණි.
කාසිම් අල් රිමී 2015 වර්ෂයේ සිට අල් කයිඩා සංවිධානයේ අරාබි අර්ධද්වීපයේ නායකයා ලෙස කටයුතු කර තිබේ.
ඒ හිටපු නායකයා අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය වීමෙන් අනතුරුවයි.
අල් රිමී බටහිර කලාපයේ ත්‍රස්ත සිදුවූ ප්‍රහාර රැසකටම සම්බන්ධ බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.




