හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවා අප්‍රේල් මාසයට පෙර මහමැතිවරණය පැවැත්වීම වඩා උචිත බව සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඒ සඳහා විපක්ෂයේ විරුද්ධතාවයක් ඇති බවයි ඒ මහතා පැවසුවේ.
නමුත් එමඟින් සතියක් දෙකක් පමණ ප්‍රමාදයක් සිදු වුවද එය මැතිවරණය ප්‍රතිඵලයට බලනොපාන බවත් ඒ මහතා පැවසීය.
ගම්පහ දී මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේපිළිබඳව අඳහස් පල කළේය.



