මාරාන්තික නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 910ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව ගතවූ පැය විසිහතරක කාලය කුළ වෛරසය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 100කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.
ඉකුත් පැය 2ක කාලය තුළ පමණක් චීනයෙන් වාර්තාවූ පුද්ගල මරණ සංඛ්‍යාව 6ක්.
ලොව පුරා වාර්තාවී ඇති කොරෝනා වෛරස ආසාදිතයන් ගණන මේවනවිට 40,000 ඉක්මවා තිබේ.
වෛරසය ආසාදිතවී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන්ගෙන් 3281 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව ද විදෙස් මාධය වාර්තා කරයි.
මේ අතර හොංකොං හි නිරෝධායනයට ලක්කිරීම සඳහා නවතා තිබූ WORLD DREAM නෞකාවේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 3600ක පිරිසකට ඉන් පිටතට යාමට අවසර හිමිව තිබේ.
වෛරසයෙන් පීඩාවට පත් පුද්ගලයින්ට සහන සැලසීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් පිරිස ඊයේ(09) දිනයේදී චීනය බලා පිටත්වගොස් ඇති බව වාර්තා වෙයි.




