ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියමව සිටි රැඳවියෙකු පලා ගොස් සිටියදි අත් අඩංගුවට ගෙන තිබේ.
නුගේගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අත් අඩංගුවට ගත් සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 800ක් සොයාගෙන ඇත.
සැකකරුගෙන් කල ප්‍රශ්න කිරීම් වලදී ඔහු හෙරොයින් නඩුවක් හේතුවෙන් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියමව වැලිකඩ බන්ධනාගාරයේ සිට ඇති අතර 2017 වසරේදී ඔහු බන්ධනාගාරයෙන් පලාගොස් ඇති බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේය.
සැකකරුට අයත් මෝටර් රථ දෙකක් සහ දුරකථන හතක් ද සොයාගෙන ඇත.
වැඩිදුර විමර්ශන සඳහා නුගේගොඩ අපරාධ විමර්ශන අංශය, හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් දින 07 ක රැඳවුම් නියොග ලබා ගෙන තිබේ.



