බන්ධනාගාර වහාම ප්‍රතිසංවිධානයකට ලක් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
ඔහු පවසන්නේ රටේ නායකයා ලෙස ජනාධිපතිවරයා වැලිකඩ බන්ධනාගාරයේ නිරික්ෂණ චාරිකාවක නිරතවීම ඉතා වැදගත් බවයි.
මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිස්ස අත්තනායක මහතා මේ බව පැවසීය.



