බොලිවියාවට නායයෑම් හා ගංවතුරින් දැඩි බලපෑම් – 8 ක් මරුට

Share

අධික වර්ෂාවත් සමඟ බොලිවියාවට නායයෑම් හා ගංවතුරින් බලපෑම් එල්ල වෙමින් තිබේ.

 

මෙම තත්ත්වය හේතුවෙන් එරට පුද්ගලයින් 8 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කළේය.

බොලිවියාවේ ප්‍රදේශ රැසකට පසුගිය දිනවලදී ඇදහැලුණු අධික වර්ෂාපතණය සමග පහත්බිම් රැසක් ජලයෙන් යටවූ අතර නායයෑම් කිහිපයක්ද සිදුව තිබේ.

ලා පාස් ,සැන්ටා කෘස් ඇතුළු ප්‍රධාන නගර රැසක්ම ගංවතුරට හසුවී ඇති බව සඳහන්.

නායයෑම්වලින් නිවාස 50ක් පමණ විනාශ වී ඇති බව එරට වාර්තා සඳහන් කළේය.

වර්ෂාවත් සමඟ ගංගා රැසක්ම ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

මේ හේතුවෙන් වඩාත් දරුණු ජල ගැලීම් හටගත් බව විදෙස් වාර්තාවල දැක්වේ.‍

විපතට පත්වී සිටින පවුල් ගණන 250 ඉක්මවන බවද එරට වාර්තාවල සඳහන්.

Read more

Local News