එජාප පාක්ෂිකයින් පක්ෂය අතහැර පොහොට්ටුවට එකතු වෙයිද ?

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට පොහොට්ටුව ලකුණින් තරග කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

 

ගාල්ල  ප්‍රදේශයේදි  මාධ්‍යවෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය නොවිසෙන අර්බුදයක් බව දිගින් දිගටම පැවසු බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් හෝ විපක්ෂ නායකධුරයෙන් අනාගතයේ දී නෙරපා දැමීමට නොහැකි බවත් ඒ මහතා පැවසීය.

එක්සත් ජාතික පාක්ෂිකයින් රනිල් එළවා දැමීමට මිරිඟුවක් පසුපස යන බවත් කියා සිටි වීරක්කොඩි මහතා,එය කිසි දිනක සිදු නොවන බවත් කියා සිටියේය.

මෙම සටන දිගටම යන බවත්, මොවුන්ට නාමයෝජනා ලබා දීමට එකමුතුව ලැයිස්තුවක් හෝ සකස් කර ගත නොහැකි වෙනු ඇතැයි ද පැවසු මන්ත්‍රීවරයා, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කල පිරිස එය ශක්තිමත් කිරීමට පෙළ ගැසී ඇති බවත් පැවසීය.

එම පෙළ ගැසීමට ආශිර්වාද කිරීමට එක්සත් ජාතික පාක්ෂිකයින්ටත් එකතු වෙන්න යන ආරාධනය තමා රට වෙනුවෙන් සිදු කරන බවත් පැවසු මන්ත්‍රීවරයා, අද වන විට එජාප පාක්ෂිකයින්ගේ හදවතේ වේදනාව දවසින් දවස වැඩි වෙන බවත් කියා සිටියේය.

එක්සත් ජාතික පාක්ෂකයින්ට හදවත නැති නායකත්වයෙන් කිසි දිනක අලියා ඉවත් කර ගැනීමට අවස්ථාව හිමි නොවන බව වටහා ගත යුතු බවත් පැවසු මන්ත්‍රීවරයා, එනිසා එජාප පාක්ෂිකයින් පක්ෂය අතහැර පොහොට්ටුව වටා එකතු වෙන බවත් පැවසීය.

ශ්‍රීලනිපය සහ පොහොට්ටුව එකතු වී මැතිවරණයට ඉල්ලන බවත් එහි ලාංජනය පොහොට්ටුව බවට කිසිදු විවාදයක් නොමැති බවත් චන්දිම වීරක්කොඩි මහතා කියා සිටියේය.

Read more

Local News