වෝහාරික විගණනයට ඇමිණුම් පිටු 10000ක්

Share

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව පිළිබඳව නිකුත් කර ඇති වෝහාරික විගණනය, වාර්තා 05කින් සහ පිටු 10,000කට ආසන්න ඇමිණුම් ප්‍රමාණයකින් සමන්විත වන බව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සදහන් කරයි.

 

එය ඉතා විශාල වාර්තාවක් වන බැවින් ලබන පෙබරවාරි 18 සහ 19 යන දිනයන්හිදී පැවැත්වෙන සභාව කල් තැබීමේ විවාදයට පෙර මේ පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගැනීම මන්ත්‍රීවරුන්ට එතරම් පහසු කටයුත්තක් නොවනු ඇතැයි ද හඳුන්නෙත්ති  මහතා ප්‍රකාශ කළේය.

වෝහාරික විගණනයක් සිදුකරනු ලැබූවේ බැඳුම්කර සිද්ධිය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසම් සභාවේ මෙන්ම කෝප් කමිටුවේ ද නිර්දේශය මත බැවින් වෝහරික විගනණනය පිළිබඳව පළමුව කෝප් කමිටුව තුළ සාකච්ඡා කර ඒ පිළිබඳව සාරාංශ වාර්තාවක් සැකසීමට හැකියාව තිබූ බවද මන්ත්‍රීවරයා පැවසීය.

එහෙත් පාර්ලිමේන්තුවේ සැසිවාරය කල් තැබීම හේතුවන් කෝප් කමිටුවට රැස්වීමට නොහැකිවූ නමුත් ඉදිරියේදී කෝප් කමිටුව තුළ වෝහාරික විගණන වාර්තාව සාකච්ඡාවට කැඳවන බව ද සභාපතිවරයා පැවසීය.

Read more

Local News