Home විදෙස් පුවත් සමලිංගික විවාහ නීතිගත නොකරන බව පුටීන් කියයි

සමලිංගික විවාහ නීතිගත නොකරන බව පුටීන් කියයි

0
සමලිංගික විවාහ නීතිගත නොකරන බව පුටීන් කියයි

තමා ජනාධිපති ධුරයේ රැඳී සිටින තුරු රුසියාවේ සමලිංගික විවාහ නීතිගත නොකරන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන් පවසයි.

 

මව, පියා යන සම්ප්‍රදායික නාමයන් වෙනස් කිරීමට තමන් ඉඩ නොතබන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

සමලිංගික විවාහ නීතිගත කිරීම සම්බන්ධයෙන් තම ස්ථාවරය මීටපෙර ද ප්‍රකාශයට පත් කර ඇති බව පෙන්වාදෙන රුසියානු ජනාධිපතිවරයා තමා ධුරයේ කටයුතු කරන තුරු එම ස්ථාවරය කිසිදු ආකාරයකින් වෙනස් නොකරන බවද අවධාරණය කර ඇත.

අවස්ථා 4 කදී රුසියානු ජනාධිපති ධුරයට තේරී පත්ව දශක දෙකකට ආසන්න කාලයක් එරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන ව්ලැද්මීර් පුටීන්ගේ ධුර කාලය 2024 වසරෙන් අවසන් වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here