දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුක – මත්තල – හම්බන්තොට දක්වා වන කොටස ලබන 23 දා ජනතා අයිතියට පත් කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව බරවකුඹුක සිට මත්තල දක්වා අන්දරවැව හරහා වන කිලෝමීටර් 21.8ක කොටස මෙන්ම අන්දරවැව සිට හම්බන්තොට දක්වා වන කිලෝමීටර් 16.6ක කොටස මෙසේ විවෘත කෙරෙනු ඇති.
පසුගිය ජනාධිපතිවරණයට පෙර දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙම කොටස නියමිත පරිදි ඉදිකිරීම් අවසන් කිරීමට පෙර විවෘත කෙරිණි.
කෙසේ වෙතත් විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුව අදාළ අංශ වෙත උපදෙස් දුන්නේ, මෙම කොටසේ සියලුම වැඩ නිසි පරිදි අවසන් කරන ලෙසයි.



