බදියුදීන්ගේ සහෝදරයා ඇප මුදා හැරේ

Share

තලෙයි මන්නාරම ප්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන විසි හතරක් පමණ වටිනා අක්කර 40 ක පමණ ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් සකසා අත්පත් කර ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

 

මෙම පැමිණිල්ල අද (17) මෝසමක් මාර්ගයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ  කැඳවනු ලැබීය.

එහිදී රහස් පොලිසිය විසින් ඉදිරිපත් කර තිබූ වාර්තාවක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු රුපියල් 25,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළේය.

සෑම ඉරුදිනකම රහස් පොලිසිය හමුවේ වාර්තා කළ යුතු බවට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ විදේශ ගමන් තහනම් කරනු ලැබීය.

අනතුරුව නඩුව නැවත ලබන 20 වනදා කැඳවීමට අධිකරණය නියම කළේය.

Read more

Local News