නාමික සන්ධානයකට වඩා ලියාපදිංචි වූ සන්ධානයක් බිහි කිරීම වඩා යෝග්‍ය බැවින් නව සන්ධානය බිහි කිරීමට පියවර ගත් බව සමගි බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.
වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, කොයි ආකාරයෙන් ගියත් ජනතාව ඉදිරියේ ඇති ඡන්දයට යා යුතු බවයි.
බොහෝ අවස්ථාවලදී ගම්වල ජනතාව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් මැතිවරණ පවත්වන ලෙස පැවසු බවත් මන්ත්‍රීවරයා පැවසීය.
ඒ හේතුවෙන් සියල්ල බේරා ගෙන මේ කටයුත්ත සිදු කිරීමට පෙළඹුන බවත් පැවසු ඒ මහතා, 2010 දී පක්ෂ කීපයක් සන්ධාන ගත වී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අපේක්ෂකයා වු බවයි.
2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් හා මෙවර සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පැමිණි බවත් එය අලුත් දෙයක් නොවන බවත් මන්ත්‍රිවරයා පැවසීය.
නාමික සන්ධානයකට වඩා ලියාපදිංචි සන්ධානයක් හොඳ යැයි කල්පනා කළ බවත් පැවසු මන්ත්‍රීවරයා, ජනතා ඉල්ලීම අනුව මෙය සිදු කල බවත් කියා සිටියේය.



