දිවයිනට බලපා ඇති නියං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරට විදුලි නිෂ්පාදනයෙන් සියයට 74 ක් ගල් අඟුරු හා ඩීසල් තාප බලාගාර ආශ්‍රිතව නිෂ්පාදනය කිරීමට සිදුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
මෙරට සමස්ත විදුලි නිෂ්පාදනය මෙගාවොට් 38 යි දශම 4 යි 6 ක් වන අතර පවතින දැඩි නියඟය හේතුවෙන් ජලවිදුලි නිෂ්පාදනය සියයට 23යි දශම එකක් දක්වා පහල බැස ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.
මාස එක හමාරකට අධික කාලයක් තිස්සේ පවතින නියං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලාශවල ජල මට්ටම ද සීඝ්රයෙන් පහත බැස ඇති බව සඳහන්.
මේ වන විට මෙරට ජල විදුලි නිෂ්පාදනය ඩීසල් හා ගල්අඟුරු බලාගාර ආශ්රිත විදුලිය නිෂ්පාදනයට අමතරව සූර්ය බලශක්තියෙන් සියයට බින්දුවයි දශම 8යි 4 ක් හා සුළං බලයෙන් සියයට එකයි දශම දෙකක් ලෙස විදුලිය නිෂ්පාදනය කෙරෙයි.
මේ අතර ඊයේ(17) දිනය වන විට මෙරට දෛනික විදුලි ඉල්ලුම මෙගාවොට් 2346 යි දශම 8 ක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.



