පනත් කෙටුම්පත් තුනකට අනුමැතිය

Share

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේදී පනත් කෙටුම්පත් තුනක් සඳහා අනුමැතිය හිමිව තිබේ.

 

සභාපති එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(18) රැස්වූ රාජ්‍ය මුදල් පිළීබඳ කාරක සභාවේදී අදාල පනත් සඳහා අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ජාතික ගොඩනැගීමේ බද්ධ, ආර්ථික සේවා ගාස්තු සහ වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු යන සංශෝධන පනත් කෙටුම්පත් සඳහා මෙලෙස අනුමැතිය හිමිව තිබේ.

එම පනත් කෙටුපත් අවසන් වර කියවීම සඳහා ලබන 20 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම පසුගිය 05 වනදා ලබාදුන් නියෝග ප්‍රකාරව මහ බැංකුව විසින් වෝහාරික විගනණය පිළිබඳ සකස් කළ නිරික්ෂණ ද  රජයේ  මුදල් පිළිබඳ කාරක සභාව වෙත ඉදිරිපත් කර තිබේ.

කෙසේවෙතත් බැඳුම්කර සිදුවිමට අදාල ආයතනය මහ බැංකුව බැවින් එම ආයතන විසින් ලබා දෙන නිරික්ෂණ සාකච්ඡාවට ලක් කිරීම සාදාචාර සම්පන්න නොවන බැවින් ඒ පිළිබඳ සාකච්ඡා කිරිම වෙනත් දිනයකට කල් තැබීමට තීරණය කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේය.

Read more

Local News