හදවත යන ලකුණ ලැයිස්තුවේ නෑ – මහින්ද

Share

එළඹෙන අගෝස්තු මාසයේ දී පළාත් සභා මැතිවරණය පැවැත්විමට හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

 

ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට සහ නව පක්ෂ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ වැඩි අවධානයක් යොමු කර ඇති බවයි.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙම අදහස් පල කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, අලුතින් දේශපාලන පක්ෂ ලියාපදිංචි වීමට අයඳුම් පත් 150 ට වැඩි සංඛ්‍යාවක් එවා ඇති බවයි.

ඒවා සම්බන්ධයෙන් තීරණ ගැනීමේ කටයුතු සිදුකල යුතුව ඇතැයි ද පැවසු ඒ මහතා, පවත්නා දේශපාලන පක්ෂවල නම් හා සලකුණු වෙනස් කිරීම් සම්බන්ධයෙන් වන ගැටළු ද ඇති බවත් පැවසීය.

මේ දිනවල ඒ සියල්ල පිළිබඳව අධ්‍යනය කරමින් සිටින බවත් පැවසු දේශප්‍රිය මහතා‍, දැනට පක්ෂ 70 ක් ඇති බවත් එයින් 30 ක් තරග කළත් ලොකු අපහසුතාවයකට කොමිෂන් සභාවට පත්වෙන බවත් කියා සිටියේය.

ස්වාධීන කණ්ඩායමක ඇප මුදල රුපියල් 2000 ක් පමණක් වන බවත් පැවසු ඒ මහතා, ඔය තත්ත්වය තුළ පක්ෂ විශාල සංඛ්‍යාවක් පැමිණියහොත් කෙසේ හෝ එය සිදු කළ යුතුව ඇතැයි ද පැවසීය.

එක්සත් ජාතික පක්ෂය විසින් ලාංජනය වෙනස් කිරීමට මෙතෙක් අසා නොමැති බවත් පැවසු ඒ මහතා, ලාංජන වෙනස් කිරීම සඳහා වු ප්‍රශ්නය පැන නඟිනු ඇත්තේ ලබන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව සතියක් ඇතුළත පමණක් ලකුණු වෙනස් කළ හැකි බවත් පැවසීය.

දැන් කරන ඉල්ලීම් ගැන සලකා බලන්නේ නැතැයි ද පැවසු ඒ මහතා “හදවත“ යන ලකුණ ලැයිස්තුවේ නැති බවත් “හෘද වස්තුව“ යන සෑබෑ සලකුණ එයට දමන බවත් එයට කිසිවිටෙකත් “හාරත“ ලකුණ දැමීමට කිසිදු බලාපොරොත්තුවක් නැති බවත් කියා සිටියේය.

Read more

Local News