ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව, MCC ගිවිසුමට අත්සන් තබන බවට අනියත බියක් ඇතිකර නොගත යුතු බව අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, ඇමෙරිකාවට වෙනත් රටක හමුදාපතිවරයා ගැන තීරණ ගැනීමට කිසිදු බලයක් නොමැති බවයි.
රටේ හමුදාපති කවුරුන්ද යන්න තීරණය කරනු ලබන්නේ රටේ රාජ්‍ය නායකයා විසින් බවත් පැවසු ඒ මහතා, ඔහු එම තනතුරට සුදුසු ද නැද්ද යන තීරණය ද රාජ්‍ය නායකයා විසින් ගනු ඇතැයි ද පැවසීය.
වෙනත් රටකට ඇමෙරිකාවේ හමුදාපති ගැන තීරණ නොගන්නා බවත් පැවසු අමාත්‍යවරයා, ඒ බව අමෙරිකාව තේරුම් ගැනීම ඉතා වැදගත් බවත් කියා සිටියේය.
අපේ හමුදාපතිවරයාට හා පවුලේ අයට අමෙරිකාවට ඇතුළු වීම වලක්වාලමින් ගෙන ඇති තීරණය තුළින් දෙරටේ සුහදත්වයට බාධා ඇති වෙන බවත් පැවසු අමාත්‍යවරයා, එය පිළිකුලෙන් හෙලා දකින බවත් පැවසීය.
MCC ගිවිසුම පිළිබඳ අධ්‍යයනය කිරීමට කමිටුවක් පිහිටුවා ඇතැයි ද පැවසු අමාත්‍යවරයා, මීට පෙර පැවති රජය හොරෙන් ගිවිසුම් දෙකක් අත්සන් කර ඇතැයි ද කියා සිටියේය.
ඒ තුළින් MCC ව්‍යාපෘති අධ්‍යක්ෂ හා නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ පවුල් පිටින් ලංකාවේ පදිංචිව ඇතැයි ද පැවසු අමාත්‍යවරයා, එසේ සිදුවන්නේ හොරෙන් ගිවිසුම් අත්සන් කර ඇති නිසා බවත් පැවසිය.
ඒ නිසාවෙන් ක්ෂණික තීරණයක් නොගෙන කමිටුවක් පත් කර එයින් ලැබෙන ප්‍රතිඵලය අනුව ක්‍රියා කිරීමට කටයුතු කරන බවත් කිසිවෙකුත් MCC ගිවිසුමට වත්මන් ආණ්ඩුව නැවත වතාවක් යනු ඇතැයි අනියත බියක් ඇති කර ගත යුතු නැතැයි ද ඒ මහතා කියා සිටියේය.



