වසර තුනක් ඇතුළත මද්රාසා ආයතනවල ඉගෙනුම ලබන සියලු සිසුන් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති අධ්‍යාපන ක්‍රමවේදයකට අන්තර්ග්‍රහණය කළ යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විශේෂ වාර්තාවක් මඟින් ඊයේ(19) පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබීය.
මද්රාසා ආයතන නියාමනය සඳහා විශේෂ කමිටුවක් පිහිටුවිම සියලු අධ්‍යාපන ආයතවල ඉගැන්වෙන විෂය මාලා ජාතික අධ්‍යාපන ආයතනයේ අනුමැතියට යටත් කිරිම ඉදිරියේ දී පළ කෙරෙන ඉස්ලාම් පෙළපොත් සංස්කරණය සඳහා විධිමත් විද්වත් කමිටුවක් පත් කිරිම ඇතුළු නිර්දේශ ගණනාවක් එම වාර්තවේ සඳහන් වෙයි.
අනන්‍යතාවය තහවුරු කර ගැනිමට නොහැකි සියලු ආකාරයේ මුහුණු ආවරණ තහනම් කිරිමට අදාල නිර්දේශ ද අදාල වාර්තාව මඟින් ඉදිරිපත් කර ඇති අතර මේ වන විට රටවල් රැසක් බුර්කාව තහනම් කර ඇති බව ද සදහන් කර තිබේ.
මේ අතර මද්රාසා පාසල් සම්බන්ධයෙන් ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි අදහස් දක්වමින් පවසා සිටියේ, මේ වන විට මද්රාසා පාසල් නීත්‍යානුකූල කළ යුතු බවට පවසන බවයි.
මද්රාසා පාසල් නීත්‍යානූකූල කළ යුතු බවට ආණ්ඩුවට නොපැවසු බවත් කියා සිටි උන්වහන්සේ, මද්රාසා පාසල් සියල්ල නීතිවිරෝධී බව පමණක් පැවසු බවත් පැවසීය.
මෙම පාසල් සියල්ල ලංකාවේ පොදු පාසල් අධ්‍යාපන පද්ධතියට එක් කර ගත යුතු බවත් පසුව මෙම මද්රාසා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විය යුතු බවත් රතන හිමි කියා සිටියේය.
එය පමණක් රජයෙන් ඉල්ලූ බවත් පැවසු උන්වහන්සේ මෙම පාසල් නීත්‍යානූකූල කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් පැවසීය.
සෞදිඅරාබිය පවසන ආකාරයට වසරකට බිලියන 4 ක් වියදම් කළ මුදල්වලින් මෙම පාසල් බිහි කර ඇතැයි ද පැවසු රතන හිමියන් මේවායින් සහරාන්ලා බිහි වු බවත් සඳහන් කළේය.
ඉස්ලාම් මුලධර්මවාදී විශ්වවිද්‍යාල ලංකාව තුළ ඇති බවත් ඒවා දැනට ක්‍රියාත්මක වී ඇතැයි ද පැවසු උන්වහන්සේ, කොළඹ, බේරුවෙල හා බදුල්ලේ මෙම සරසවි ඇති බවත් මේ පිළිබඳ විදිමත් පරීක්ෂණයක් කළ යුතුව ඇතැයි ද පැවසීය.



