අමෙරිකානු එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව සම අනුග්‍රහය යටතේ ජීනිවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ 30/1 යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත් වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අද(20) දින රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත් වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.



