ජනාධිපතිවරණය සේම මහමැතිවරණය ජයග්‍රහණය කිරීමටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දායකත්වය අත්‍යාවශ්‍ය බව එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ හෝමාගම ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ දේශපාලන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ(20) එක්වෙමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, මහින්ද රාජපක්ෂ මහතා විසින් මෛත්‍රීපාල සිරිසේන මහතාව තම පක්ෂයට නැවත බාර දුන් බවයි.
පන්සල් කීපයක් ඇති ලොකු පන්සලක නායක හාමුදුරුවන් වහන්සේ කෙනෙක් සෙසු භික්ෂුවක් වෙනත් පන්සලක නායකහිමිපාණන් ලෙස පත් කළ පමණින් අපි පන්සල හෝ බුද්ධාගම අතහැර යායුතු බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
එවැනිම දෙයක් අගමැතිවරයා විසින් සිදු කර ඇතැයි ද පැවසු දයාසිරි ජයසේකර මහතා, ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාව රැගෙන පක්ෂයක් ලෙස ඉදිරියට ගිය බවත් කියා සිටියේය.
එතුමා පක්ෂයේ හිටපු මහලේකම් වරයා බවත් වැඩි වශයෙන්ම ඔහුට බැන වැඳුනේ තමන් බවත් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, කාලය විසින් රටේ මිනිස්සු දෙකඩ නොවී එකතු වෙන්න යන පණිවිඩය ලබා දුන් බවත් පැවසීය.
ඒ නිසාවෙන් එකතු වී ජනාධිපතිවරණයට ගිය බවත් එකතු නොවී ගියා නම් නිසැකයෙන්ම ජනාධිපතිවරණයෙන් පරාජය වන බවත් පැවසු අමාත්‍යවරයා, ජනාධිපතිවරණයේ දෙවැනි මනාපය ගණන් නොකර ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදව් තිබු නැත්දැයි අසා සිටියේය.
ලක්ෂ 69 ක් ඡන්දයෙන් ලක්ෂ 4 ක් ඡන්ද ලබා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උදව් කළ බවත් පැවසු ඒ මහතා, “සියඹලා ගෙනල්ලාම නැද්ද අපි“ යනුවෙන් අසා සිටියේය.
සමහරුන්ට මෙම තත්ත්වය තේරුම් ගැනීමට ගැනීමට නොහැකි බවත් ඔවුන් අන්තවාදීන් බවත් පැවසු අමාත්‍යවරයා පස් දෙකෙන් විතර එකතු විය නොහැකි බව පවසන බවත් සඳහන් කළේය.
ලබන සතියේ සිට මනාප සටන සෑම දිස්ත්‍රික්කයේම ආරම්භ වන බවත් පැවසු ඒ මහතා, මහින්ද මහතා හා ජනාධිපතිවරයාගේ නම පවසමින් ඔවුන් විකුණා දමන බවත් පැවසීය.
රූපවාහිනි බදා ගෙන කෑ ගහන පුද්ගලයින්ට තමන් පක්ෂයක ලේකම්වරයෙක් ලෙස කිසිවක් පැවසීමට අකමැති බවත් තමා පොඩි ළමයින් සමඟ හැප්පීමට අකමැති බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.



