ඉරුදින ප්‍රහාරයට අදට මාස 10යි – වගකිව යුත්තන් කවුද ?

Share

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදට මාස 10ක් ගත වි තිබෙනවා.

 

කිතුනු බැතිමතුන්ගේ වැදගත්ම උත්සවය වන්නේ පාස්කු උත්සවයයි. පාස්කු උත්සවයට පෙර කිතුනුවන් මහා බ්‍රහස්පතින්දා හා මහා සිකුරාදා සමරනු ලබනවා. පාස්කු ඉරිදා උදෑසන කිතුණු බැතිමතුන් ජේසුස් වහන්සේගේ උට්ඨානය හෙවත් මරණයෙන් නැගිටිම අති උත්කර්ෂවත් විදියට සමරනවා.

මුළු මහත් ලංකාවම කම්පාවට ලක් කරවම්න් ඉකුත් අප්‍රේල් 21 වැනි ඉරිදා දින සිදුවූ ප්‍රහාරයට අද වන විටත් කිසිදු වගකිව යුත්තකු පිළිබද හෙළිවි නොමැති විම ඉතාමත් කණගාටුවට කරුණක්.

අප්‍රේල් 21 වෙනදා වගේම ඉර පායපු පාස්කු දවසක්. අපේ කිතුණු බැතිමතුන් එදින අලුත් ඇදුම් ඇදගෙන කිතුණු දේවස්ථාන වෙත ගියේ හිනාවන් පිරි මුවගින් මුහුණු සරසාගෙනයි. නමුත් ඒ හිනාවන් ක්ෂණයකින් කදුළු බවට හැරෙන්න මහා ලොකු වෙලාවක් ගියේ නැහැ. දේව යාතිකා මධ්‍යයේ මහා පිපිරුම් හඩ්න් සියල්ල නිසල වුනා.

පාස්කු ඉරිදා අප්‍රේල් 21 උදේ 08:45 – 09:00 අතර කාලය තුල ශ්‍රී ලංකාවේ කිතුනු දේවස්ථාන සහ ප්‍රමුඛ පෙළේ සංචාරක හෝටල් වෙත එල්ල වූ බෝම්බ ප්‍රහාර එල්ල වෙනවා.

දශකයකට ඉහත දී අවසන් වූ සිවිල් යුද්ධයෙන් අනතුරුව ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ප්‍රචණ්ඩකාරී ප්‍රහාරය මෙය වන අතර මරණයට පත් පිරිසෙන් බහුතරය ශ්‍රී ලාංකිකයන්. එමෙන්ම විදේශිකයන් තිස් අට දෙනෙකුවත් ප්‍රහාරවලට හසුව මරණයට පත්වනවා.

ශ්‍රී ලංකා ආණ්ඩුව පවසන්නේ ‘ජාතික තව්හිත් ජමාත්’ නමැති කණ්ඩායමක් ප්‍රහාරය පිටුපස සිටින බවයි. පොලිසිය විසින් හැටකට ආසන්න පිරිසක් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්ත අතර සිය මාධ්‍ය ඒකකය හරහා නිවේදනයක් නිකුත් කරමින් අයිඑස් සංවිධානය අඟහරුවාදා (අප්‍රේල් 23) කියා සිටියේ ප්‍රහාරය පිටුපස සිටින්නේ තම සංවිධානය බවයි.

ප්‍රහාර පිළිබඳ පළමු වරට වාර්තා වූයේ අප්‍රේල් 21 වෙනි ඉරිදා උදෑසන 08:45 පමණය. කෙටි කාල පරාසයක් ඇතුලත පිපිරීම් හයක් වාර්තා වුනා. එම ස්ථාන පහතින්,

01කොළඹ කොච්චිකඩේ දේවස්ථානය

02.කටාන කටුවාපිටිය දේවස්ථානය

03.මඩකලපුව ප්‍රදේශයේ දේවස්ථානයක්

04.ෂැන්ග්‍රිලා හෝටලය

05.කිංග්ස්බරි හෝටලය

06.සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය යන ස්ථාන හයක පිට පිට පිපිරිම් වාර්තා වුනා. අනතුරුව පොලිස් කණ්ඩායම් සැකකරුවන් සොයා මෙහෙයුම් දියත් කළ අතර වැටලීම් අතරතුර දෙහිවල සත්වෝද්‍යානය අසල ලැගුම්හලක සහ දෙමටගොඩ මහල් නිවාසයක තවත් පිපිරීම් දෙකක් වාර්තා වුනා.

පිපිරිම් සිදුවුනේ කොහොමද ? සාරාංශයක් වශයෙන්

අප්‍රේල් 21 උදෑසන 08:45 – 09:00 අතර

මීගමුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානය

පෙරවරු 11.00

  • ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් දින දෙකක කාලයක් පාසල් වසා දමන්න තීරණය කළා.

පස්වරු 13:45

  • පළමු පිපිරීම් මාලාව සිදු වී පැය 5 ට පමණ පසු දෙහිවල සත්වෝද්‍යානය අසල ලැගුම් හලක තවත් පිපිරීමක් වාර්තා විය. ඒ එදින සිදු වූ හත් වෙනි පිපිරීම.

දෙහිවල සත්වෝද්‍යානය අසල ලැගුම් හලක තවත් පිපිරීමක්

  • පස්වරු 02:15
    • දෙමටගොඩ මහල් නිවාස සංකීරණයක සිදු කළ වැටලීමක් අතරතුර තවත් පිපිරීමක් සිදු වූ අතර ඉන් පොලිස් සාමාජිකයන් තිදෙනෙකු මරණයට පත්වුනා.
    දෙමටගොඩ
    දෙමටගොඩ මහල් නිවාසයක සිදු කළ වැටලීම

    පස්වරු 14:30

    • ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ප්‍රමුඛ පෙළ සමාජ ජාල පණිවුඩ සේවා අත්හිටුවීමට පියවර ගත්තා.

    පස්වරු 14:45

    • පස්වරු 06:00 සිට පසුදින උදෑසන 06: දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා.

    පස්වරු 10:00

    • මුස්ලිම් පල්ලියක් වෙත පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් සහ මුස්ලිම් භක්තිකයන්ට හිමි වෙළඳසල් දෙකක් ගිනි තබා ඇතැයි පොලිසිය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළා.

ශාන්ත අන්තෝනි දේවස්ථානය අසල රථයක තිබූ බෝම්බයක් නිෂ්ක්‍රිය කිරීමට ආරක්ෂක අංශ කටයුතු කරන අතර එය පිපිරුණා.

අප්‍රේල් 22 2019

පෙරවරු 06:00

  • පොලිස් ඇඳිරි නීතිය ඉවත් කළා.

පෙරවරු 07:42 ට පමණ

  • කටුනායක ගුවන් තොටුපල අසල තිබී පුපුරණ ද්‍රව්‍ය සහිත බටයක් සොයා ගත්තා.

පෙරවරු 08:30

  • මරණයට පත් සංඛ්‍යාව 290 දක්වා ඉහළ ගොස් ඇති බව බලධාරීහු පැවසූහ.

පස්වරු 12:30 ට පමණ

  • ආරක්ෂිත පියවරක් වශයෙන් රාත්‍රී 08:00 සිට පසුදින අලුයම 04:00 දක්වා යළි පොලිස් ඇඳිරිනීතිය පනවන බව ආණ්ඩුව පැවසුවා.

පස්වරු 03:27 ට පමණ

  • පිටකොටුව බැස්තියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පලක තිබී පොලීසය විසින් ඩෙටනේටර 87 ක් සොයා ගනු ලැබුවා.

පස්වරු 04:18 ට පමණ

පොලිස් ආරංචි මාර්ගවලට අනුව තවත් සංචාරක හෝටලයක් වෙත එල්ල කිරීමට පැවති සැලසුම් අසාර්ථක වී තිබෙනවා.

සිදුවු මරණ සංඛ්‍යාව

 

බදාදා (අප්‍රේල් 04) වන විට නිල වාර්තාවලට අනුව 359 දෙනෙකකු මරණයට පත්ව ඇති අතර 500 අධික සංඛ්‍යාවක් තුවාල ලැබුවා.

එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය, පෘතුගාලය, ඉන්දියාව, තුර්කිය, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය, ජපානය, ස්විට්සර්ලන්තය , ස්පාඤ්ඤය, බංග්ලාදේශය, ඇමරිකාව සහ චීනය යන රටවලට අයත් විදේශිකයන් ද මරණයට පත් පිරිස සිටියා.

ප්‍රහාරය පිටුපස සිට්න්නේ කවුද ?

 

සඳුදා (අප්‍රේල් 22) දින ශ්‍රී ලංකා ආණ්ඩුව පැවසුවේ ‘ජාතික තවුහිද් ජමාත්’ නමැති කණ්ඩායමක් ප්‍රහාරය පිටුපස සිටින බවයි.

අයිඑස් සංවිධානය විසින් ප්‍රහාරය සිදු කරන ලද බව එහි මාධ්‍ය ඒකකය විසින් අඟහරුවාදා (අප්‍රේල් 23) නිවේදනය කළා. ප්‍රහාරයට සහභාගි වූ බව පැවසෙන පුද්ගලයන්ගේ සමූහ ඡායාරූපයක් ‘අමාක්’ නමැති මාධ්‍ය ඒකකය විසින් පසුව ප්‍රකාශයට පත් කර තිබු අතර එහි එක් පුද්ගලයෙකු පමණක් මුහුණ නිරාවරණය කර සිටින අතර ඇතැමෙක් අත පිහි තිබෙන ආකාරය දැකිය හැක.

“ක්‍රිස්තියානි සහ ශ්‍රී ලංකා පුරවැසියන් ඉලක්ක කරමින් පෙරේදා ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් ISIS සටන්කරුවන්ය,” යනුවෙන් ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් සදහන් වි තිබුණා.

බදාදා (අප්‍රේල් 24) රාත්‍රී 10 සිට බ්‍රහස්පතින්දා (අප්‍රේල් 25) උදෑසන 04 දක්වා දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව පොලිසිය නිවේදනය කළේය.

ප්‍රහාරයෙන් පසු

මෙම ප්‍රහාරයෙන් පස්සේ සෘජුව ලංකාව තුල මුස්ලිම් ජනතාව දෙස ඉතාමත් සැක සහිතව ම්නිස්සු බලන්න පුරුදු වුනා. ඒ වගේම තැනින් තැන හමුදා ආරක්ෂාවෙන් පිරි තිබුනා. වෙනදා උදේ හවස වැඩට යන එන සේවකයන් ගමන් බිමන් යන්න බය වුනා. ඒ කොයි වෙලාවේ බෝම්බ පිපිරේවිද කියන බය නිසා.

මේ අතර ප්‍රහාරයෙන් තෙමසකට පසු කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ඊයේ යළි විවෘත කෙරුණා.

කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් සියයකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වුනා.

නැවත විවෘත වූ දේවස්ථානයේ දිව්‍ය පූජාව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ඇතුළු විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වය මධ්‍යයේ.

මෙහි දී සිය අදහස් ප්‍රකාශ කරමින් කාදිනල් හිමියන් පැවසුවේ, “මේ ප්‍රහාරය නොමග ගිය තරුණයන් පිරිසක් අල්ලාගෙන ජාත්‍යන්තර ඕනෑ එපාකම් පිරිමහන්න, මේ රට අස්ථාවර කරන්න, ඔවුන්ගේ කුමන්ත්‍රණ සාර්ථක කරගන්න, කෝලාහලක් ඇතිකරන්න සිදු කළ ප්‍රහාරයක්,” යනුවෙනි.

Easter attacks Sri Lanka

“මුස්ලිම් අය මේකට වග කියන්න ඕනේ නැහැ. මෙතන දී කියන්න ඕනේ, අපේ නායකයන්ට කොන්ද පණ මදි. මෙහෙම නෙමෙයි ඒ අය වැඩ කරන්න ඕනේ. විදේශීය බලවේගවලට මේ රටට අත පොවන්න දෙන්න බැහැ.. මේ භූමියේ සශ්‍රීකභාවය ශක්‌තිමත් කරන්න නායකයෝ අපිට උදව් කරන්න ඕනේ,” උන්වහන්සේ වැඩ්දුරටත් පැවසුවා.

බලධාරීන් සිය වගකීම ඉටු කළ ආකාරය ගැන ද උන්වහන්සේ සිය දේශනය තුළදී වැඩි දුරටත් අදහස් පළ කලා.

“ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම් තිබුණේ නැහැ. මේ ලැබුණු ඔත්තු මඟ හැරලා අත හැරලා දැම්මා. තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැහැ.”

“ඔබ හොඳට ඇවිදගෙන ගිහින් හොඳට ජීවත් වෙච්ච අය දැන් මේ රෝද පුටුවකට, ඇඳකට සීමා වෙලා තියෙන්නේ හිතුවක්කාර, දඩබ්බර, කිසිම ප්‍රතිපත්තියක් නැති නායකයන්ගේ වැරදි වැඩ නිසයි. ඒ නිසා, දැන් කාලය ඇවිත් තියෙනවා මේ ඔක්කොටම ගෙදර යන්න කියන්න.” යැයි ද උන්වහන්සේ කියා සිටියා.

Easter attacks Sri Lanka

මේ අතර පාස්කු දින බෝම්බ ප්‍රහාරයෙන් පසු කතෝලික සභාව ක්‍රියා කළ ආකාරය ගැන පූජ්‍ය බැඳිවැව දියසේන හිමියන් ද සිය ප්‍රසාදය පළ කළහ.

කාදිනල් හිමිපාණන්ගේ නායකත්වය, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ධර්මය ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වූ තවත් එක් අවස්ථාවක් බව ද පූජ්‍ය බැඳිවැව දියසේන හිමියෝ පැවසූහ.

“අද ලංකාව ලෝකය ඉදිරියේ මේ තත්වයෙන් ඉන්නේ කාදිනල් හිමිපාණන්ගේ ක්‍රියා කළාපය නිසයි . එක වචනයකින් මුළු රට ගිනි තියන්න තිබුණා .නමුත් එතුමා සෑම විටම කිව්වේ මේ ප්‍රහාරයට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව වගකිවයුතු නැහැ කියලයි. ඒ ප්‍රකාශය තුළ ලෝකය ඉදිරියේ උසස් ජනතාවක් වුනේ කතෝලිකයන් පමණක් නොවෙයි සමස්ත ජාතියයි.”

මෙම ප්‍රහාර මාලාවෙන් අනතුරුව බොහෝ පිරිසකට තම පවුල් අහිම් වුනා.

එම පවුල් සිය අදහස් දැක්වු ආකාරය

” මගේ දුවට එදා අලුත් ගවුමක් මැහුවා. ඒත් එයා ඒක ඇන්දේ නැහැ. එයා වෙන ගවුමක් ඇදගෙන පල්ලිය ඇතුලට ගිහින් වාඩි වුනා. මම ඒ වෙලාවේ හිට්යේ එළියේ. එක පාරටම මහා සද්දයක් ආවා. මට අදහගන්න බැරිවුනා. මම දුවගෙන ගිහින් බැලුවා. මගේ චුට් දුව මම හතර අතේ දුව දුව හෙව්වා. හැම තැනම ලේ තිබුණා. මගේ දූ වැට්ලා හිටියේ ලේ විලක් මැද්දේ. ඒ වෙලාවේ මගේ හිතට දැනුණේ එයාව ඉපදුණ වෙලාවේ මගේ අතට ගත්ත හැටි” මේ එක් පියෙක් කදුළු වගුරවමින් දැක්වු අදහසක්.

“මම එදා දේව මෙහෙයට ගියේ නැහැ. ඒත් මගේ ලේලි පුතා නිදි පැදුරෙනුත් නැගිට්ටවලායි යැව්වේ”

මේ විදියට දෙමව්පියන්ට දරුවෝ අහිම් වුන සිය පවුල් අහිම් වුන ඉතිහාසයේ අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරිදා කළු පැල්ලමකින් සටහන් වෙච්ච දවසක් වුනා. තවමත් මේ ප්‍රහාරයේ අදුරු සෙවණැලි සැරිසරනවද යන්න සැකයට තුඩු දෙන කරුණක්, මන්දයත් අදටත් මෙම ප්‍රහාරය ලංකාට එල්ල වුනේ කොහොමද කවුරුන් හරහාද යන්න පිලිබද අනාවරණය වි නොමැති බැවින්.

ඔවුන් සැනහේවි දෙව්මවි තුරුලේ.

Table of contents [hide]

Read more

Local News