එජාපයට ගැලපෙන ලකුණ මෙන්න

Share

කිසිදු සමගියක් හෝ විනයක් නොමැතිව ක්‍රියා කිරීම හේතුවෙන් වර්තමානයේ එක්සත් ජාතික පක්ෂය දැඩි පසුබෑමකට ලක්ව ඇති බව පරිසර , වනජීවී සම්පත් සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්.චන්ද්‍රෙස්න මහතා පවසයි

 

අනුරාධපුරයේදී ඊයේ(23) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ, අද වන විට එක්සත් ජාතික පක්ෂයේ සජිත් හා රනිල් ගැටුම බරපතළ තත්ත්වයකට පත්ව ඇති බවයි.

රනිල් වික්‍රමසිංහ නායකවරයාට නාමයෝජනා අත්සන් කිරීමට අවස්ථාවක් හිමි නොවෙනු ඇතැයි සැකයක් පවතින බවත් පැවසු අමාත්‍යවරයා, මේ වන විට ජාතික ලැයිස්තුවෙන් ඒ නිසාවෙන් ඉල්ලීමට සුදානමක් පවතින බවත් පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය රැක ගත් නිසාවෙන් ජ්‍යෙෂ්ඨයින් කීපදෙනෙක් ඔහු සමඟ අදටත් ඉතිරිව ඇතැයි ද පැවසු අමාත්‍යවරයා, සජිත් ප්‍රේමදාස මහතාට ජනපති හා අගමැති වීමට පුදුම හදිසියක් ඇති බවත් කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින්ට දෙවි පිහිට යැයි පවසා සිටි අමාත්‍යවරයා, විනයක් හා සමගිය නැතිව කිසිදු එක්සත්භාවයක් නොමැති පක්ෂය බවට එක්සත් ජාතික පක්ෂය පත්ව ඇතැයි ද පැවසීය.

හදවත ලකුණ ඉල්ලුවත් පසුගිය කාලයේ හදවතක් නොමැති ආකාරයෙන් වැඩ කටයුතු කළ බවත් පැවසු ඒ මහතා, හංසයාගේ තටු මේ වන විට තෙතුන් වතාවක් කැඩී ගොස් ඇතැයි ද කියා සිටියේය.

අලියාගේ සලකුණ දෙපාර්ශවයම ඉල්ලා සිටින නමුත් හොඬවැල එක්කෙනෙකුට හා වල්ගය තවත් අයෙකුට ලබා දිමට සිදුව ඇතැයි ද පැවසු අමාත්‍යවරයා, තමාට සිතෙන පරිදි මොවුන්ට හොඳම ලකුණ වන්නේ “ගෙම්බා“ ලකුණ යැයි ද පැවසීය.

Read more

Local News