මැතිවරණ කොමිසමෙන් නියෝජ්‍ය කොමසාරිස්වරුන්ට දැනුම් දීමක්

Share

තම බල ප්‍රදේශවල පවතින ඡන්ද මධ්‍යස්ථාන සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන්නැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව නියෝජ්‍ය සහ අතිරේක මැතිවරණ කොමසාරිස්වරුන්ට දැනුම් දී තිබේ.

 

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අවශ්‍ය දත්ත ලබා ගැනීම එහි අරමුණ බවයි.

ඊට අමතරව සියලු රාජ්‍ය ආයතනවල පවතින රථ වාහන සහ නිලධාරීන් පිළිබඳව ද ජාතික මැතිවරණ කොමිෂන් සභාව තොරතුරු ඉල්ලා තිබේ.

ඒ සම්බන්ධයෙන් දැනුවත් කර අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ලිපි යොමු කර ඇතැයි සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ ය.

Read more

Local News