ආණ්ඩුව ජනතා විරෝධී කටයුතු කරනවද ?

Share

පාලකයන් වසර හැත්තෑ දෙකක කාලයක් තුළ රට සියලුම විනාශයන්ට ලක්කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

 

ගම්පහ  පැවති  ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, පාර්ලිමේන්තු මැතිවරණයක් ගැන අද වන විට සාක්ච්ඡා කරමින් පවතින බවයි.

පාර්ලිමේන්තුවේ කාලය අවසන් වීමට ඇත්තේ සැප්තැම්බර් මස 2 වන දින බවත් පැවසු ඒ මහතා, ඒ අනුව සැප්තැම්බර් මස මැද නාමයෝජනා කැඳවා ඔක්තෝබර් මාසයේ ප්‍රචාරණ කටයුතු කර නොවැම්බරයේ මහ මැතිවරණය පැමිණිය යුතු බවත් පැවසීය.

නමුත් අද දිනයේ පාර්ලිමේන්තු කාලය අවසන් වනවා නොව එය විසිරුවා හැරීමේ බලය ජනපති සතු වනවා පමණක් බවත් පැවසු අනුර කුමාර මහතා, අපටත් හොඳින් ආණ්ඩුව ඉදිරියට මැතිවරණයකට යෑම අසීරු බව දන්නා බවත් කියා සිටියේය.

ඒ නිසාවෙන් ආණ්ඩුව කලින් මහමැතිවරණයට යෑමට තීරණයක කර ඇති බවත් පැවසු මන්ත්‍රීවරයා, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විවිධ චෝදනා එල්ල කරන බැවින් ඔවුන්ට විපක්ෂය තුළ කටයුතු කිරීම අපහසු වී ඇතැයි ද පැවසීය.

ආණ්ඩුව නිර්මාණය කිරිමට ඡන්දය භාවිතා කළ අය පවා මේ මොහොතේ ජනතාවට විරුද්ධ ක්‍රියාමාර්ගවල පැමිණෙන්නේ නම් ඒවා පරාජයට පත් කළ හැකි විපක්ෂයක් නිර්මාණය කළ යුතු බවත් ඒ මහතා කියා සිටියේය.

Read more

Local News