උසස් පෙළට අයදුම් කිරීමේ කාලය සතියකින් දිගු කරයි

Share

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අයදුම්පත්‍ර භාරගැනීමේ කාලය ලබන 09 වන දින දක්වා දීර්ඝ කර තිබේ.

 

අයදුම්පත් භාරගැනීම අද(02) දිනයේ අවසන් වීමට නියමිතව තිබුණි.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ උසස් පෙළ විභාග අයදුම්පත් පිරවිම සිදුකළ හැකි අතර අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පරිගණක සම්පත් මධ්‍යස්ථාන සහ නැණසල ආයතන මගින් එම කටයුතු සිදුකළ හැකි වෙයි.

කෙසේවෙතත් යම් අයදුම්කරුවෙකු හට ගැටලුවක් වෙතොත් විභාග දෙපාර්තමේන්තුවේ 011 2 784 208, 011 2 784 537 යන දුරකථන අංකවලට හෝ 011 2 784 422 යන ෆැක්ස් අංකයට ගැටළු පිළිබඳ දැනුම්දිය හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේය.

Read more

Local News