නායකයෙක් හදා ගන්න බැරි පක්ෂයක් මෙන්න

Share

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ගමන් මග අවසන් වෙමින් ඇතැයි රාජ්‍ය අමාත්‍ය  ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

 

මාතර මොරවක ප්‍රදේශයේ දී මාධ්‍යවෙත අදහස් දක්වමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, සංවර්ධනය සඳහා උපකාර කිරීමට චීනයට හෝ වෙනත් රටකට කොරෝනා වෛරසය නිසාවෙන් බාධාවක් නොවන බවයි.

තෙල් මිල විශාල වශයෙන් වැඩි වීමක් සිදු නොවන බවත් පැවසු අමාත්‍යවරයා, එක්සත් ජාතික පක්ෂය අද වන විට ලකුණ පවා බේරුම් ගත නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ද පැවසීය.

නායකයෙක් හදා ගත නොහැකි දේශපාලන පක්ෂයකට ඇති අනාගතය කුමක් දැයි ප්‍රශ්න කර සිටි ඒ මහතා, ඩී.එස් සේනානායක හා ඩඩ්ලි. සේනානායක වැනි මහත්වරුන් සිටි දේශපාලන පක්ෂය අද වන විට විනාශයට පත් කර ඇතැයිද කියා සිටියේය.

එක්සත් ජාතික පාක්ෂිකයින් අද වන විට ගම්වල අසරණ වී ඇතැයි ද ඔවුන්ට ද ආණ්ඩුව සමඟ ඉදිරි දේශපාලන ගමන යෑමට එක් වන ලෙසත් අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News