සමථ මණ්ඩලවල මුල්‍ය සීමාව රුපියල් මිලියන 20ක් දක්වා ඉහළ දමන බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර මහාධිකරණ ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (02) පෙරවරුවේ එක්වෙමින්.
පවතින නඩු ප්‍රමාදය පිළිබඳව කථා කරනවා මෙන්ම නඩු පිළිබඳව විද්‍යාත්මක විශ්ලේෂණයක් සිදු කළ යුතු බව අමාත්‍යවරයා එහිදි පැවසීය.
නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය, වගේම අපේ රට තුළ ජනතාවට නිදහස් නීති සේවයක් ඇති කළ යුතු බව අමාත්‍යවරා අවධාරණය කළේය.
තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා,
“යුක්තිය ප්‍රමාද වෙනවා කියලා කියන්නේ යුක්තිය පසිදලීම වෙන්නේ නැහැ කියන එකයි. මහජන දිනයට හවුවෙන්න එන ජනතාවගෙන් සියයට 90 ක්ම එන්නේ නඩු ප්‍රමාදය පිළිබදව පවතින ගැටළු පිළිබදව කියන්නයි.
බදුල්ල දිසා අධිකරණයේ නඩු 44 ක තීන්දු වසර දෙකක් තිස්සේ දීලා තිබුණේ නැහැ.අපි අපේ අධිකරණවල නඩු කීයක් තීන්දු දීලා තියෙනවා ද නඩු කීයක් තිබෙනවාද මේ ආදී වශයෙන් නිසි පරිදි විද්‍යාත්මක විගනණයක් මේ වන විටත් සිදු කරලා නැහැ.
අපි නඩු ප්‍රමාදය පිළිබදව කථා කරනවා වගේම නඩු පිළිබදව විද්‍යාත්මක විශ්ලේෂණයක් සිදු කළ යුතුයි.දැන් ඇතැම් අවස්ථාවල අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් විනිසුරුවරුන් ස්ථාන මාරු කරනවා.
එවැනි අවස්ථාව ලදී අඩක් අසන ලද නඩු වල දී ප්‍රශ්න ඇති වෙනවා.පවතින නීතියේ ඇති ගැටළු නිසාත් නඩු ප්‍රමාදය ඇති වන බව කිව යුතුයි.
නඩු ප්‍රමාදයට ඇති විසදුම් සොයනවා වගේම අපි විනිසුරුවරුන්ගේ සංඛ්‍යාවත් වැඩි කළ යුතුයි.අපි ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට කල්පනා කලත් පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති නිසා එය සිදු කළේ නැහැ .ප්‍රාදේශීය නීතිඥවරුන්ට තිබෙන දැනුම අපි වැඩි දියුණු කළ යුතුයි.
විශේෂයෙන්ම ඒ සදහා නිතිඥ සංගමය කටයුතු කළ යුතුයි.ඒ පිළිබදව නීතිඥ සංගමයේ සභාපතිතුමා සමගත් සාකච්ඡා කළා.නීතිඥවරුන්ගේ ගුණාත්මක බව ඉහල දැම්ය යුතුයි.අපි විනිසුරුවරුන්ට නීතිඥවරුන්ට මෙන්ම නඩු සදහා පැමිණෙන ජනතාවටත් අවශ්‍ය පහසුකම් ලබා දිය යුතුයි.
අපි ඈත පිටිසර ගම්මානවල සිටින හේන් ගොවියාටත් නීතිමය සහාය ලබා ගැනීමට ඇති එකම ස්ථානය අධිකරණයයි.අපේ රටේ නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍යය පවතිනවා.ඒ පිළිබදව කථා කරනවා.ඒ වගේම අපේ රට තුළ ජනතාවට නිදහස් නීති සේවයක් පිළිබදව කථා කරලා නැහැ.
නිදහස් නීති සේවය අපේ රටේ පුළුල් කළ යුතුයි.ඒ සදහා නිදහස් නීති සේවාව තවදුරටත් පුළුල් කළ යුතුයි.දිලිදු ජනතාවට පවතින නීති ආධාර සේවය වැඩි දියුණු කිරීම තුළින් නිතීයේ සාධාරණත්වය ඇති වෙනවා.අපේ රටේ සමස්ත නීති පද්ධතිය පිළිබදව විශලේෂණයක් සිදු කර එය රටේ ආර්ථික සමාජ රටාවට සුදුසු පරිදි සකස් කිරීමට කාලය පැමිණ තිබෙනවා ඒ වගේම එය සිදු කළ යුතුයි.
අපේ රටේ දික්කසාද නඩු විශාල වශයෙන් අද වැඩි වෙලා තිබෙන බැවින් එහි ඇති නීති පිළිබදව අලුතින් කල්පනා කළ යුතුයි.ඇතැම් අවස්ථාවලදී විවාහ වෙලා සතියක් දෙකක් යන විට දික්කසාද වෙනවා එවැනි අවස්ථාවලදී දික්කසාද නඩුවක් දිගු කාලයක් පවත්වා ගෙන නොයා කඩිනමින් අවශ්‍ය විසදුම් ලබාදීමට හැකි වන පරිදි නීතිය සකස් විය යුතුයි.
මේ වන විටත් නඩු ප්‍රමාදය සදහා හේතු වන නීති පද්ධති පිළිබදව අලුතින් අධ්‍යනය කරමින් තිබෙන බවත් අධිකරණ පරිශ්‍ර වල පවතින නඩු භාණ්ඩ නිශ්කාෂනය නිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඒ සදහා අවශ්‍ය කැමරා උපකරන 150 ක් මේ වන විටත් අධිකරණවලට ලබාදී තිබේනවා.
අපි අධිකරණ අමාත්‍යාංශය විදිහට මේ ගොඩනැගිලි හදලා පහසුකම් ලබා දෙනවා නමුත් මේ ස්ථානවල පරිපාලනමය කටයුතු තිබෙන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවටයි.අධිකරණවල මිලදී ගැනීම පිළිබදව බලතල තිබෙන්නේ මහාධිකරණ විනිසුරුවරුන්ටයි.
මේවා පිළිබදව අපි නැවත කල්පනා කළ යුතුයි. අධිකරණ පද්ධතියම ඩජිටල්කරණය කිරීම පිළිබදව වු අවශ්‍ය මුලික පියවර ගෙන තිබෙන බවත් ඒ සදහා රුපියල් මිලියන 6500 ක් වැය වන බැවින් පළමුව එය නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරනවා. සිංගප්පුරුව මැලේසියාව වැනි රටවල පවතින ක්‍රමවේද පිළිබදව අවධානය යොමු කරනවා.
අධිකරණ පද්ධතියේ පවතින නඩු ප්‍රමාදය අවම කිරීමට මානව සම්පත වැඩි කළ යුතුයි.ඒ සදහා අවශ්‍ය පියවර ඉදිරි මහ මැතිවරණයෙන් පසුව ගන්නවා.මේ වන විටත් මහෙස්ත්‍රාත්වරුන් 20 දෙනෙකු බදවා ගැනීමට පියවර ගෙන තිබෙනවා.
අපි නඩු ප්‍රමාදය අවම කිරීම සදහා සමථ මණ්ඩලවලට ලබා දෙන බලතල වැඩි කළ යුතු බවත් සමථ මණ්ඩල වල මුල්‍ය සීමාව රුපියල් මිලියන 20 දක්වා වැඩි කරනවා.”



