හිටපු රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්, මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් භාවිත කළ නිල වාහන සහ නිල නිවාස ලබන 20 වනදාට පෙර භාර දෙන්නැයි, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.
අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් වීමත් සමග ඒ පිළිබඳව සියලු රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දුන් බවයි.
නිල නිවාස සහ නිල වාහන නියමිත දිනට පෙර ලබා නොදීමෙන්, ඉදිරි කටයුතු වලට බාධා එල්ල විය හැකි බැවින්, ඒ පිළිබඳ අවධානය යොමු කර, කඩිනමින් එම නිවාස සහ වාහන රජයට භාර දෙන්නැයි, අමාත්‍යවරයා දැනුම් දෙයි.
මේ අතර, පසුගිය ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු තවමත් නිල නිවාස රජයට භාර දී නොමැති බව ද, අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේ ය.
8 වන පාර්ලිමේන්තුව ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරිණ.



